Lagna Palaapala 2022

මේෂ ලග්නය / Aries


රැකියා ස්ථානයේ පැවැති බාධක අවසන් වී තත්ත්ව යෙන් උසස් වීමක් හෝ ස්ථාන මාරුවක් විය හැකිය. කෝපය නිසා බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න වියහැකි බැවින් ඉවසීම පවත්වා ගත යුතුය. ස්ත්‍රීන්ට විශේෂයෙන්ම සතුරු කරදර වේ. අඹු සැමි ජීවිතය කෙරෙහිද බලපාන වාද විවාද දුර දිග යා හැකිය. උසස් අධ්‍යාපනය හදාරණ අයට යහපත් වසරකි. තම ධාරණ ශක්තිය, ඥාණ ශක්තිය වර්ධනය කරවයි. අසරණ අයට පිහිට වේ. පිරිස් බලය වැඩිවේ. මවට අපල විය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය. ඔබ වැරදි ආදායම් මාර්ගවල යෙදෙනෙක් නම් නීතියෙන් දඬුවම් ලැබේ. උගුර බෙල්ල දත් ආශ්‍රිත රෝගාබාධ යෙදිය හැකිය.

It could be a promotion or a transfer after the barriers in the workplace have been removed. Patience must be maintained as anger can often be a problem. Women are especially hostile. Debates that affect marital life can go a long way. A good year for those studying higher education. Develops his capacity for cognition, cognition. Helps the needy. Manpower increases. The mother should be careful as it can be harmful. If you are involved in the wrong sources of income, you will be punished by law. Can be applied to diseases of the throat, neck and teeth.

මිථුන ලග්නය / Gemini


පදිංචි ස්ථානය හෝ රැකියා ව්‍යාපාර ස්ථානවල වෙනසක් විය හැකිය. උදරය ආශ්‍රිත ආබාධ තුනටිය ආශ්‍රිත ආබාධ විය හැකිය. අමාරු දේ හොඳින් ඉටු කරයි. අධ්‍යාපනය ලබන අයට යහපත්ය. බොහෝ පෙර පින් ලැබී ආධ්‍යාත්මික ශක්තිය. වැඩිවේ. පියාගේ කටයුතුවලට ශුභයි. පාලක, සේවක, අසල්වැසි ජනයාගේ ගෞරවයට ලවේ. කාන්තාවන්ගේ පිළිසිඳීම් දෝෂ විය හැකිය. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. මවගෙන් උපකාර ලබයි. අවිවාහක අයට යහපත් විවාහයකට මග පෑදේ. සමාජ කටයුතු කරන අයට යහපත් වසරකි. ව්‍යාපාරිකයින්ගේ ආදායම් මාර්ග ශක්තිමත් වේ. බොහෝ වෙහෙස වී වැඩ කිරීමට සිදුවනු ඇත. දේපළ සම්බන්ධව දෝෂ වී ඒවායින් ප්‍රතිඵල ලැබීම අඩු විය හැකිය.

There may be a change of residence or place of employment. Stomach related disorders can be leg related disorders. Performs hard things well. Good for those who are educated. Spiritual strength received many previous merits. Increases. Good for the father s affairs. Respect the ruler, the servant, the people of the neighborhood. Womens pregnancies can be flawed. The childrens work is successful. Get help from the mother. Leads to a good marriage for the unmarried. A good year for those who do social work. The revenue streams of entrepreneurs are strengthened. It will take a lot of hard work. Mistakes about property can lead to less of a consequence.

සිංහ ලග්නය / Lio


මවගේ පියාගේ අසනීප තත්ත්වය සම්බන්ධව සොයා බැලිය යුතු කාලයකි. විවාහය ප්‍රමාද විය හැකිය. විවාහ වී සිටින අයගේ සාමය සතුට සමගිය වැඩි වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නමුත් දරුවන් ක්ෂණික තනි තීරණ ගැනීම නිසා ඉතා ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුය. ශරීර සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් විය යුතුය. ප්‍රේම සම්බන්ධ ඇති විය හැකිය. සතුරන් පරාජය වේ. වගා කටයුතු, භූමි ලාභ ශක්තිමත් වේ. දේපළ සම්බන්ධව ගැටළු විය හැකි බැවින් ඉවසීම පවත්වා ගත යුතු වේ. විදේශගත රැකියා කරන අයට දෝෂ විය හැකිය. කලාකරුවන්ට යහපත් වසරකි. නමුත් ආදායම් මාර්ග අඩුය. නව නිර්මාණ බිහි වේ.

It is time to look into the illness of the mother and father. Marriage can be delayed. The peace, happiness and unity of those who are married will increase. Childrens education is successful. But children need to be very patient because they make quick individual decisions. Physical health should be taken into consideration. Prema may be involved. Enemies are defeated. Cultivation, land profits strengthen. Patience must be maintained as there may be problems with the property. Those who work overseas can make mistakes. A good year for artists. But the revenue streams are low. New designs are emerging.

තුලා ලග්නය / Libra


පෙම්වතුන්ට සහ විවාහය අපේක්ෂ කරන අයට ඉතා යහපත් වසරකි. තම අදහස් සඵල වේ. බලවත් ධනවත් මිතුරන් මුණ ගැසේ. අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වේ. සහෝදර සහෝදරියන්ගේ විශේෂ අවශ්‍යතා වෙනුවෙන් කැපවීමට සිදුවනු ඇත. බෙල්ල සම්බන්ධ රෝගාබාධ වේ. අඹුසැමියන් අතර විරසකවීම් විය හැකිය. ඉවසීම පවත්වාගත යුතු වේ. දරුවන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදු කළ යුතු වේ. සතුරු කරදර හෝ අමනාප වූවන් සමාදාන වේ. පිරිස් බලය ලැබේ. ලැබීමට නියමිතව තිබූ දේපළක් ලැබෙන ලකුණු පෙනේ. පපුවට බලපාන වේදනා විය හැකි බැවින් ඉතා ප්‍රවේශම් විය යුතු කාලයකි.

This is a very good year for lovers and those looking for marriage. Their ideas are successful. Meet powerful and wealthy friends. The work of those who are educated is successful. Brothers and sisters will have to make a commitment to their special needs. Is a disease of the neck. Divorce can occur between spouses. Patience must be maintained. Many sacrifices have to be made for children. Enemy troubles or resentments are reconciled. Personnel are empowered. There are signs of a property that was supposed to be received. This is a time to be very careful as it can cause chest pain.

ධනු ලග්නය / Sagittarius


බාහිර බාධක නිසා විවාහය සම්බන්ධව කරදර විය හැකි ය. කුඩා දරුවන් බලාපොරොත්තු රහිත අනතුරු කරදරවලට ලක්විය හැකිය. තැපත් මුදල් පවා ගැනීමට සිදුවේ. කොතරම් කරදර බාධක වුවද කෙසේ හෝ ඒවා ජය ගැනීමේ ශක්තිය වේ. වෙනත් අයගේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් කරදර වන ඇත. නිවැරදි මානසික ශක්තියක් සහ දුරදන්නා නුවණක් ඇති වේ. නමුත් ගින්න හෝ විදුලිය නිසා විපත් විය හැකි වසරකි. දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි වඩාත් සැළකිලිමත් විය යුතුවේ. දෝෂ හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි. මුදල් හානි වස්තු හානි විය හැකිය. සමීප අය හෝ අසල්වැසි අය සතුරන් සේ වනු ඇත.

External barriers can cause anxiety in a marriage. Young children can be the victims of hopeless accidents. Even the deposit has to be taken. No matter how many obstacles there are, they are the strength to overcome them somehow. Intervening in other peoples problems will cause trouble. Has the right mental strength and far-sighted wisdom. But it is also a year that can be catastrophic due to fire or electricity. More attention should be paid to the education of children. Defects must be identified and treated. Money loss can be property damage. Neighbors or neighbors will be like enemies.

කුම්භ ලග්නය / Aquarius


කකුල්වලට ආබාධ විය හැකි හදිසි අනතුරු විය හැකිය. අධික වියදම් යෙදේ. ආගම දහම කෙරෙහි යොමුවේ. අසරණ අයට උපකාර කිරීමට අවස්ථා යෙදෙනු ඇත. අලුත් දේපළ ගැනීමේදී ප්‍රශ්න විය හැකි බැවින් ඉතා සැලකිලිමත් විය යුතුය. රැකියා කටයුතුවලට බාධා හෝ ස්ථාන මාරු විය හැකිය. පියාගේ කටයුතුවලට පසුබෑමක් හෝ පියාට රෝගාබාධ වේ. රාජ්‍ය අංශයේ සේවය කරන අයට යහපත්ය. වැරදි ආදායම් මාර්ග හෝ වැරදි ලෙස කටයුතු කරන අයට නිසි දඩුවම් ලැබෙන වසරකි. සමාජයට ආදර්ශමත් අයෙකු ලෙස ජනප්‍රිය වේ. අඹුසැමියන් අතර සාමය පවතී. නමුත් දරුවන්ගේ හිතුවක්කාරකම් නිසා සිත්තැවුල් කළකිරීම් විය හැකිය.

There can be accidents that can injure the legs. It costs a lot. Religion focuses on religion. There will be opportunities to help the needy. Be very careful when buying new property as it can be problematic. Job activities may be interrupted or transferred. A setback to the father’s activities or the father becomes ill. Good for those who work in the public sector. It is a year in which those who make the wrong sources of income or do wrong are punished. He is known as a role model for the society. There is peace between spouses. But the stubbornness of children can cause great frustration.

වෘෂභ ලග්නය / Taurus


අන් අයගේ උපදෙස් පිළිනොගැනීම සහ තම මතයම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගැනීම නිසා බොහෝවිට බලවත් අපහසුතා සහ හිසට මෙම සිතටද පීඩා විය හැකිය. කලබලකාරීබව නිසා පාඩු වේ. සතුන්ගෙන් හානි වේ. සතුරු කුමන්ත්‍රණ නිසා රැකියාවේ කැපකිරීම් විය හැකි බැවින් ඉතා සැලකිලිමත් විය යුතුය. විවාහය අපේක්ෂක්ෂා කරන අය එතරම් ශුභදායී තොරතුරු නොලැබිය හැකිය. දුරදිග නොබලා ගන්නා තීරණ නිසා ප්‍රශ්න ඇති වේ. දෙමාපියන් සමග බැදීම දුරස් විය හැකි බැවින් ඉතාම බුද්ධිමත් විය යුතුය. උසස් අධ්‍යාපන හදාරණ අයට යහපත්ය. ලේ විෂවීම් සහ සමේ රෝග විය හැකිය. සමාජ කටයුතුවලට යොමුවීම නිසා කාගේත් පිළිගැනීමට ලක් වේ. ගමවලදී ප්‍රවේශම් විය යුතුය.

This mind can often suffer from severe discomfort and headaches due to not accepting the advice of others and trying to implement ones own opinion. Loss due to unrest. Damage from animals. Extreme caution should be exercised as hostile conspiracies can result in job sacrifices. Those looking to get married may not have so much good information. Short-sighted decisions can lead to problems. Be very intelligent as bonding with parents can be distant. Good for higher education students. May cause blood poisoning and skin diseases. Focusing on social work is accepted by everyone. Be careful in the villages.

කටක ලග්නය / Cancer


සාමාන්‍ය පෙල අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා ශුභ වසරක්. විභාග සමත් වේ. ඉවසීමෙන් කටයුතු කරයි. දරු සම්පත් අපේක්ෂා කරන අය ඒ සඳහා දැඩි උනන්දුවක් ඇතිව කටයුතු කළ යුතුය. ධනය ලැබේ. හදිසි ලාභ ඇත. ශරීරය උෂ්ණාධික වීම සහ බෝවන රෝග විය හැකිය. සහකරු හෝ සහකාරියට රෝගාබාධ විය හැකිය. ශනි දුර්වල නම් නොගැළපෙන අයෙකු විවාහයට ලැබිය හැකිය. වාද විවාදවලට පැටලීමෙන් වැළකී සිටිය යුතුය. අවදානම සහිත වැඩවලින් පාඩු හෝ අනතුරු විය හැකිය. දරුවන් අකීකරු විය හැකිය. සතුරු කරදර ජයගත හැකිවේ. මව පියා වෙනුවෙන් කැප කිරීමට සිදුවනු ඇත. දේපළ ලැබීමේ භාග්‍ය හිමිවේ.

This is a very good year for the children who are studying for Ordinary Level. Pass the exams. Be patient. Those who are expecting children should work hard for it. Wealth is gained. There are sudden profits. Body fever and contagious diseases can occur. The spouse may be ill. If Saturn is weak, an incompatible person can get married. Debates should be avoided. Hazardous work can lead to losses or accidents. Children can be disobedient. Enemy troubles can be overcome. The mother will have to sacrifice for the father. You will be lucky to receive the property.

කන්‍යා ලග්නය / Virgo


පවුලේ සහෝදරයෙකුට හෝ සමීප අයෙකුට අනතුරක් හෝ විපතක් විය හැකිය. ප්‍රතිකර්ම කළ යුතුය. දරුවන් හිතුවක්කාර විය හැකිය. ලැබීමට නියමිත දේපළක් හෝ වත්කමක් සම්බන්ධව ගැටළු හෝ ගැටුම් විය හැකිය. බලවත් ආත්ම ශක්තිය නිසා බොහෝ බාධක ජයගත හැකිවේ. අතක ආබාධයක් විය හැකියි. නහර හෝ ස්නායු දුර්වලතාවයක් නිසා ආබාධ විය හැකිය. නිති මාර්ගයට පවා යාමට සිදුවන කරුණක් යෙදේ. කර්මාන්තවල රැකියා සාර්ථක වේ. නමුත් ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට ලක්විය හැකිය. දරුවන් අපේක්ෂා කරන අයට යහපත් වසරකි. අධ්‍යාපනය ලබන අය ඉතා උසස් තත්වයක ලබයි. විභාග සමත් වේ.

An accident or tragedy can happen to a family member or loved one. Should be remedied. Children can be stubborn. There may be issues or conflicts regarding the property or assets to be received. Many obstacles can be overcome by strong self-confidence. There may be a hand injury. Disorders can be caused by nerve or nerve weakness. There is a point where you even have to go the legal route. Jobs in industry are successful. But can be subject to the error vision of the chiefs. A good year for those expecting children. Those who are educated get a very high standard. Pass the exams.

වෘශ්චික ලග්නය / Scorpio


සමාජයේ, පවුලේ පිළිගැනීම සහ නායකත්වය ලැබී බොහෝ කටයුතු ඉතා සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. කුජ දුර්වල නම් හදිසි අනතුරු හෝ සතුරු කරදර නිසා ප්‍රශ්න විය හැකිය. ස්ත්‍රීන්ට ගර්භාෂගත රෝග වේ. දේපල හෝ වත්කම් සම්බන්ධව තිබූ දෝෂ ඉවත් වේ. විවාහ ජීවිතයට බලපාන දෝෂ ඇති බැවින් ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතුය. සමීප අයෙකු සම්බන්ධව නරක ආරංචියක් අසන්නට ලැබේ. දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. වෙනත් දේ වෙත දරුවන් ඇදී යා හැකිය. සෙම් දෝෂ වේ. සිතට කළකිරීම, කෝපය ඇතිකරවන සිදුවීම් විය හැකිය. ගින්න නිසා විපත් සිදුවන වසරකි.

With the acceptance and leadership of the society and the family, many activities will be able to be very successful. If Mars is weak it can be a problem due to accidents or hostile troubles. Women have uterine diseases. Defects related to property or assets are removed. You have to be very patient as there are flaws that affect married life. Bad news is heard about someone close. Care should be taken for the education of children. Children can be drawn to other things. Sem errors. Depression can be an event that causes anger. It is a year of fire and disaster.

මකර ලග්නය / Capricorn


නායකත්වය, ප්‍රධානත්වය ලැබී සමාජයේ ගෞරවයට පත්වේ. බොහෝ කටයුතු ඉතා සාර්ථකව ඉටුකර ගැනීමට ශක්තිය ඇති වනු ඇත. අධ්‍යාපනය ලබන අයට යහපත් වසරකි. නමුත් ගමන් නිසා වැඩ කටයුතුවලට බාධාවන් විය හැකිය. අඹුසැමියන්ගේ සමගිය ශක්තිමත් වේ. ව්‍යාපාරිකයින්ගේ තත්වය තරමක බාධක සහිතව ගෙවන බැවින් සේවක සහ මුදල් සම්බන්ධ කටයුතුවලට කරදර විය හැකිය. සතුරන්ගේ කරදර නිසා සිත් පීඩා සහ ආවේගය විය හැකිය. උසස් අධ්‍යාපනය හදාරණ අයට ඉතා යහපත් වේ. විභාග සමත් වේ. ස්ත්‍රීන්ට උදර රෝග ඇති විය හැකිය. රැකියා හෝ වෙනත් ආදායම් මාර්ග සකස් වී සාර්ථක වනු ඇත.

Leadership gains prominence and is respected in society. Will have the energy to accomplish many tasks very successfully. A good year for those who are studying. But travel can be a hindrance to work. The unity of the spouses is strengthened. Entrepreneurs situation pays off with some constraints, which can cause problems for employees and finances. Enemy troubles can cause distress and impulse. Higher education is very good for those who study. Pass the exams. Women can have abdominal pain. Jobs or other sources of income will be set and successful.

මීන ලග්නය / Pisces


හදිසි අනතුරක් හෝ වෙනත් බාහිර කරදරයක් නිසා සහෝදරයකුට දුක් විඳීමට සිදුවිය හැකිය. රැකියා කටයුතු කරන අයට උසස්වීම් ලැබිය හැකිය. අපේක්ෂා කරන රැකියා ලැබිය හැකි වසරකි. අලුත් අය ඇසුරට පත්වේ. නමුත් ඉතා කල්පනාකාරීව ඇසුරු කළ යුතුය. රැවටීම්වලට හසුවිය හැකි බැවිනි. මවට අපල වෙයි. සතුරන් සමග ගැටුම් විය හැකි බැවින් ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වේ. නුවණ ඇතිව ආදායම් මාර්ග පිළිබදව අන් අයන්ගේ උපදෙස් මත කටයුතු කළ යුතුය. විනෝදය වෙනුවෙන් වැඩි කාලයක් යොමු කිරීම ප්‍රශ්න ඇතිවීමට සහ අධික වියදම් යෙදීමට හේතුවක් විය හැකිය. දරුවන් පිළිබදව සොයා බැලිය යුතුවේ.

A brother may have to suffer because of an accident or other external trouble. Job seekers can get promotions. Its a year where you can get the jobs you expect. Meet new people. But must be associated very carefully. Because they can be deceived. The mother is ill. You have to be very patient as there may be conflicts with enemies. We must act wisely on the advice of others about our sources of income. Spending too much time on entertainment can lead to problems and cost overruns. Children need to be looked after.